Sri Lanka 🇱🇰
9 members
අප ශ්රී..... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරි බරිනී
සුරැදි අති සෝබමාන ලංකා
දාන ධනය නෙක
මල් පලතුරු පිරි ජය භූමිය රම්යා
අපහට සැප සිරි සෙත සදනා
ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්ති පූජා
නමෝ නමෝ මාතා
අප ශ්රී..... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්යා ඔබමය අප සත්යා
ඔබ වේ අප ශක්ති අප හද තුල භක්ති
ඔබ අප ආලෝකේ අපගේ අනු ප්රාණේ
ඔබ අප ජීවය වේ අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ
නිතිනි අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන
යනු මැන ජය භූමි කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්රේම වඩා සැම භේද දුරැරලා
නමෝ නමෝ මාතා
අප ශ්රී......ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා
Location: Sri Lanka